නංගිලා මල්ලිලාnangilaa mallilaa

Nangila Mallila

Lyrics

නංගිලා මල්ලිලා - ඉන්නවාදෝ බලා
මං එතී දැන් එතී දැන් කියා
පුංචි බෝනික්කලා පාට පාට නිලා
මං ගෙනාවා කරත්තේ පුරා

තුට්ටු දෙකයි මේ අලි -වලිගය වනයි වේගෙනි
පීලි දිගේ යයි සැරින් - කෝච්චි පොඩි මේ ජපන්

එන්න සල්ලිත් අරන් - අම්මලාටත් හොරෙන්
ලස්සනයි මේ වළං හා පිඟන්
නංගිලා නම් වසයි - මල්ලිලා නම් හොදයි
ගන්න සෙල්ලම් බඩු මේ ගොඩයි

සෙල්ලම් බඩු ඕනෙ නම් - එන්න අනේ මා සොයන්
ලාබයි හරි ලාභමයි - සෙල්ලම් බඩු මේ ගොඩයි

පීනනා මාළුවෝ - මෝටර් සයිකල් බොහෝ 
හේවිසි කාරයෝ පෝනියෝ 
ගී කියන්න හැකි - බෝ නටන්න හැකි
පුංචි පුංචි නැටුම් කාරයෝ

 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.