නාන කාමරේnaana kaamaree

Nana Kamare

Lyrics

නාන කාමරේ අපේ නාන කාමරේ
මේක අපේ කුණු හෝදන නාන කාමරේ....//

(බාල්දි කොකු එක දෙක පැටලෙනවා
අලි බාල්දි හිටගෙන පෙරලෙනවා.....//)
ඕන කෙනෙක් ඉන්නවාද ඇදගෙන නාගන්නවාද......

නාන කාමරේ.......//

(ගල තිබුණට රෙදි ගහන්න බෑ
වැසිකිලියේ යතුර දෙන්නේ නෑ......//)
ඕන කෙනෙක් ඉන්නවාද ඇදගෙන නාගන්නවාද......

නාන කාමරේ.......//

(කුණු තියෙනා අය මෙහේ එනවා
අතුල්ලගෙන නාගෙන යනවා.....//)
මතුපිට කුණු හේදුණාට ඇතුළත කුණු හේදෙනවද.....

නාන කාමරේ.......//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.