නාමල් පිපිලාnaamal pipilaa

Namal Pipila

Lyrics

නාමල් පිපිලා මේ වැවු ඉවුරේ 
නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා 
බලා සිටින්නේ
ඔබේ දෙපා පොඩි සිප ගන්නයි ...//

පාලු සැදැවේ මේ වැවු ඉවුරේ 
මගෙ දෙනෙත් මග බලා හිඳින්නේ...//
පුරා සඳක්සේ  වනලිය අතරින් 
ඔබේ සිනාවත පිපෙනා තුරා....

නාමල් පිපිලා .../

නීල තලාවේ මේ ගඟුලැල්ලේ 
රිදී කඳන් සැලි සැලී රඟන්නේ ..../
නදී සදල්ලේ රන්කම් විලසින් 
ඔබේ දෙපා යුග නැගෙනා තුරා....

නාමල් පිපිලා .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.