නාමල් මිටක්naamal mitak

Namal Mitak

Lyrics

නාමල් මිටක් සුදු දෝතින් අරන් හිරිම උදේ ඈ කොයිදෑ ගියේ 
දිව සළු ඇඳන් මහා පොලොවට උඩින් පියමං කලේ සුර අඟනක් වගේ 
යන්තම් හොරෙන් නිල නෙතගින් බලාලා 
ආඩම්බරෙන් යන හැටි අගෙයි දැන් 
ඈ සත්තකින් හිමි මට නම් සඳේ සක්විති රජෙක් වී සක්වල දිනන්නම් 

නෙතු නිලුපුල් පිලි සිහිලෙන් මා මුව සතපනවානම් 
මී අම වන තෙපුලෙන් මා දෙසවන් සනසනවා නම් 
ඔබ පා මුල මුතු අතුරා ටජ්මහලක් හදවන්නම් 
ඔබ මට බහ දෙනවා නම් ලොව සැණකෙළි කරවන්නම් 

නාමල් මිටක්.../

වරලස සැරසිල්ලක් නම් තරු මල් ගෙනැවිත් දෙන්නම් 
රැය අඳුරට යනවා නම් සඳ එළියෙන් දෝවන්නම් 
ලඟ හිඳ මුමුනනවා නම් වරුවක් අහගෙන ඉන්නම් 
දවසක මගේ වෙනවා නම් එතුවක් නොමැරී ඉන්නම් 

මා නෙත් ඉමෙන් ඔබ ඈතටම ඈතටම
පාවෙන්නේ පාවෙන්නේ නෑවිත්ම යන්නයි 
ඒ හිත පුර දුටු ආනන්ද හීනෙන්ම
හීනෙන්ම නික්මෙන්නේ ඇයිදෝ ලියේ 

නෙතු නිලුපුල් පිලි සිහිලෙන්...

වරලස සැරසිල්ලක් නම්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.