Lyrics
නමක් නොමැති මේ හිතවත්කම
ඔබ හිතන්නේ මේ ආදරයද
මමත් දන්නේ නැ හරිහැටි තව
කියාදෙන්න මේ ආදරයද //
දුකයි සැපයි එකසේම බෙදා මගේ ළඟින් සිටියා
මිතුරියකට පොඩ්ඩක් වැඩියෙන් ඔයා සොයා බැලුවා
මගේ නෙතේ කඳුළු රටා ඔයාගේ ඇස් තෙමුනා
මටත් ඔයා මගේ කියා එදා ඉදන් සිතුණා
එදා ඉදන් මට සිතුණා
නැඟණිය වී මට මිතුරිය වී කලක් ගියා නේද
සොඳුරිය වී මට හිමි වී මා ළඟ ඉන්නවද
එදා ඉඳන් ඔබේ ළඟින් ඉන්නේ මම නේද
ඔයාගෙමයි හැමදාම
මට ළංවෙලා ආලෙන් වෙලා
ඔබ ඉන්න සසරින් මිදෙනා තුරා
කඳුලක් නොදී සුසුමක් නොදී
මම ඉන්නෙමි ඔබට දෙව්දුවක වී