නමක් නැති ආදරේ වෙලාnamak naethi aadharee welaa

Namak Nathi Adare Wela

Music:
තිලිණ රුහුණගේthilina ruhunagee
Lyrics:
රචිත වාකිෂ්ටrachitha waakishta

Lyrics

නමක් නැති ආදරේ වෙලා
සොයන්නැති සසර පුරා
හිතක් නැති මගේ කියා
නවතින්නම් පපුව පුරා...

මගේ හීනේ ළඟ නෑ
ආදරය මගකින් හැරී
ඒ හීනේ හිමි නෑ
මගේ හීනේ නුඹම තමයි
හරි පුදුමයි...

බලෙන් වගේ ඇහැරවලා
රහස් කියයි ලඟට වෙලා
ආදරයේ හාදු එවා
දුරට වෙලා දෙතොල තියා...

මගේ හීනේ ළඟ...

නුහුරු සුවඳක් පාවී ගියා
කඳුලු ඇස්මයි තාමත් රුදුවෙලා
හොයනවා ජීවිතේ
නවතලා ආදරේ නුඹ ගාවා
ආදරේ හාදු එවා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.