නැළවෙන මව් උකුලේnaelawena maw ukulee

Nalawena Mawu Ukule

Lyrics

නැළවෙන මව් උකුලේ පොඩි දරුවන් දෙතොලේ 
සුරතල් සිඟිති සිනා මැවෙන කලේ කිරි ඉතිරේ 
ඔංචිලි චිල්ල මලේ  වැල්ලේ නෙල්ලි කැලේ 
නිදියා ගන්න පුතේ මවගේ තුරුලේ...//

සුමිහිරි ගීත ගයා ඔබව තබා පුංචි තොටිල්ලේ 
බඩගිනි නිවන්න ලේ කිරි කර දුන්නේ 
දුක සැප දෙක නොලබා නිදි නොලබා වෙහෙස දරන්නේ 
හොඳ අම්මා  ආදර පෑවා බිළිඳු පුතේ 

නැළවෙන මව් උකුලේ...

සුමිහිරි ගීත ගයා ඔබව තබා පුංචි තොටිල්ලේ 
බඩගිනි නිවන්න ලේ කිරි කර දුන්නේ 
දුක සැප දෙක නොලබා නිදි නොලබා වෙහෙස දරන්නේ 
හොඳ අම්මා  ආදර පෑවා බිළිඳු පුතේ 

නැළවෙන මව් උකුලේ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.