නහවා රස කිරිnahawaa rasa kiri

Nahawa Rasa Kiri

Lyrics

නහවා රස කිරි පොවා දීලා මුතු වැනි ඔවා
අද මා ලොව මිනිසකු කල නලවා උකුලෙහි තියා
ඒ නොමියෙන ගුණ කියා මේ තනුවට පද තියා
අම්මේ වදිනට අවසර පා යුග මගේ හිස තියා

ආදර සිතුවිලි මවා දෑසින් කඳුළැලි සලා
වැළඳ සිඹ එදා ඔබ මගේ මුහුණ තෙත් කලා
පැහැඹර ඉඳුනිල මගේ පෑ මට ජීවන සුවේ
බැතිනි හිස නමා වදිනෙමි අම්මේ ඔබේ දෙපා

ඒ නොමියෙන ගුණ ..

ශාන්ත සොඳුරු රුව ඔබේ රූට දිලෙන හඳ වගේ
අම්මේ මා තමා හඳමැද දිලෙන හා පුතා
සුවඳ තිබෙන මුත් රදා මොටද මැරෙන මල් මෙදා
හිතැම පුද පුදා වදිනෙමි අම්මේ ඔබේ දෙපා

නහවා රස කිරි ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.