Lyrics

අඳුරු වලා පට අතරින් හිනැහී නැගිටිමු ශ්‍රී ලංකා 
බිය සැක සංකා බාධක අතරින් නැගිටිමු ශ්‍රී ලංකා
හිතමු ඉදිරියම එකා වන්ම හැම නැගිටිමු ශ්‍රී ලංකා
හෙට ඉදිවන නව ලෝකය හමුවේ නැගිටිමු ශ්‍රී ලංකා
නැගිටිමු ශ්‍රී ලංකා අපි නැගිටිමු ශ්‍රී ලංකා...

කිසිදා නොවෙනස් මිනිසත් ගුණ පිරිපුන් රට ශ්‍රී ලංකා
මේ රන් භූමියේ උරුමය අපගෙයි රැක ගමු ශ්‍රී ලංකා
ඉදිරිය ගැන එක් වී අප සිතුවොත් රැක ගන්නට ලංකා
දුරුවෙයි වියසන අප ඉදිරියේ ඇති බාධක ජය ගන්වා
නැගිටිමු ශ්‍රී ලංකා අපි නැගිටිමු ශ්‍රී ලංකා...

මාට්රම් කානාද මනිද පන්බුගලෙයි එලුන්දිඩුම් ශ්‍රී ලංකා
නාට්ටු මූට්ටිනම් උරිමෙයි දේසත්තෙයි කාප්පෝම් ඉරු කන්නා
Time for us to hope and pray and we love motherland 
We must unite and march ahead arise Sri Lanka flag
එලුන්දිඩුම් ශ්‍රී ලංකා rise up Sri Lanka…

අඳුරු වලා පට අතරින් හිනැහී නැගිටිමු ශ්‍රී ලංකා 
බිය සැක සංකා බාධක අතරින් නැගිටිමු ශ්‍රී ලංකා
හිතමු ඉදිරියම එකා වන්ම හැම නැගිටිමු ශ්‍රී ලංකා
හෙට ඉදිවන නව ලෝකය හමුවේ නැගිටිමු ශ්‍රී ලංකා
එලුන්දිඩුම් ශ්‍රී ලංකා rise up Sri Lanka
නැගිටිමු ශ්‍රී ලංකා අපි නැගිටිමු ශ්‍රී ලංකා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.