නැගෙනා ලා හිරුnaegenaa laa hiru

Nagena La Hiru

Lyrics

නැගෙනා ලහිරු රැසින් පිබිදී 
හමන මද සුළගේ දැවටී 
පිපෙනා පියුම විලස සැරසී 
පිබිදී ගයමු තුටින් තුති ගී 

දෙව් දරු අපි සැවොමා 
අද යාගික වන්නේ 
පුදනට දිවි අපගේ 
සතුටින් අප එන්නේ 

නැගෙනා ලහිරු .../

මේ හිමිදිරි උදයේ 
අපි පුදසුන හමුවේ 
දෙව් පුතු පිදු යාගේ 
සිහි කරනෙමු මෙලෙසේ...

නැගෙනා ලහිරු .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.