නගේ මලේ මොනවද මෙnagee malee monawadha me

Nage Male Monawada Me

Lyrics

නගේ මලේ මොනවද මෙ විචිචූරන නාඩගමි 
පොත පත අහකට විසි කර කරනා දගකාරකමි 
කවි සී පද වලින් කියන සුභාෂිතය බාල නමි 
අහන් ඉදින් මම කියනා කපිරිංඥ්ඥා තාල දැන්

කෝප වුවත් රජ මැතිදුන් ගත නොහෙනා ධනය නම්
උගත මනා ශිල්පයමයි අන්න එක හිතට ගන්

පරණ වුනත් ඒ කියමන් හැමදාටම රත්තරන් 
යන යන තැන උගත් වියත් දරු පැටවුන් ඉස්තරම් 

පතේ පොතේ ලියා තිබෙන වටිනා වග වාසගම් 
සල්ලි හොයන මල්ලිලාට අද නම් මහා කවටකම් 

අපේ පොතේ ඔහොම නැතේ කියපල්ලා කැමතිනම් 
අපිනම් දන්නේ නැ මේ නව අපිත් එක්ක එක ගිලෙන්කම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.