නාඳුනන ලෙස (පවසන්න)naandunana lesa (pawasanna)

Nadunana Lesa (Pawasanna)

Music:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
Lyrics:
සජිත් චතුරංගsajith chathuranga

Lyrics

නාඳුනන ලෙස මගහැරලා යන්නැතිව
නතරවෙලා මොහොතකට දැන්වත් මේ අහගන්න
මා උමතු කල ඔබට කෙරූ ආදරය
හඬ නගලා ලෝකයට මම ආසයි පවසන්න

සීතල පවනැල්ලක් වීලා මේ ගත වටලා දමා
ගිනි ගන්නා රස සීමා පැන් පිරිතෙන් දෝවාලා
අරුනට පෙර නැගෙනා මිහිදුම් සලුව නෙලා සිප ගන්නම් සැමදා

මා උමතු කල ඔබට කෙරූ ආදරය....

දෑසට ලොවුතුරු සුව ගේනා දෙවියන් මැවු රූ නිසා
ඔබ දකිනා බිඟු සේනා වශියෙන් එයි පේවෙලා
දින සති ගත වීලා යනතුරු මියදීලා මට ඔබමයි ඕනා

නාඳුනන ලෙස මගහැරලා යන්නැතුව....
මා උමතු කල ඔබට කෙරූ ආදරය....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.