නාඳුනන ලෙසnaandunana lesa

Nadunana Lesa

Lyrics

නාඳුනන ලෙස
මගහැරලා යන්නැතිව
නතරවෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න

මා උමතු කළ
ඔබට කෙරූ ආදරය
හඬනගලා ලෝකයට
මම ආසයි පවසන්න

සීතල පවනැල්ලක් වීලා
මේ ගත වටලා දමා
ගිනි ගන්නා රස සේමා
පැන් පිරිතෙන් දොවාලා
අරුණට පෙර නැගෙනා
මිහිඳුම් සළුව නෙළා
සිපගන්නම් සැමදා

මා උමතු කළ
ඔබට කෙරූ ආදරය
හඬනගලා ලෝකයට
මම ආසයි පවසන්න

දෑසට ලොව්තුරු සුව ගේනා
දෙවියන් මැවු රූ නිසා
ඔබ දකිනා බිඟු සේනා
වශියෙන් එයි පේවෙලා
දින සති ගත වීලා
යනතුරු මියැදීලා
මට ඔබමයි ඕනා

නාඳුනන ලෙස
මඟහැරලා යන්නැතිව
නතරවෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න

මා උමතු කළ
ඔබට කෙරූ ආදරය
හඬනගලා ලෝකයට
මම ආසයි පවසන්න

මා උමතු කළ
ඔබට කෙරූ ආදරය 
හඬනගලා ලෝකයට
මම ආසයි පවසන්න

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.