නාඩන්න මගේ සිහිනේ - අග්‍රා තේමා ගීතයnaadanna magee sihinee - agraa theemaa giithaya

Nadanna Mage Sihine - Agra Theme Song

Music:
රාජ් තිලයියම්පලම්raaj thilayiyampalam
Lyrics:
සම්පත් ප්‍රනාන්දුපුල්ලේsampath pranaandhupullee

Lyrics

නාඩන්න මගේ සිහිනේ
කවුරුද අවදි කලේ
මා වින්ද රස ඟඟුලේ
මතකය ඉකි බින්දේ
මා ඉන්න ආසයි පෙර වාගේ ආයේ
හිනැහෙන්න උමතු වෙලා

මගේම කියලා
ලොවේ මා දිනුවා
නිරන්තරේ සැමදා
හදේම ලියලා
ඔබේම වෙනවා
අනාගතේ මතුදා

මිරිඟුව හඹා
දිව යන මුවා
රැවටෙන තුරු නෑ දැනිලා
පිවිතුරු නිසා සෙනෙහස සදා
පපුවම අවුලා දමලා

අහසේ සිහින ඇවිලේ
මතකයි රූ සොබා

මගේම කියලා...

මතකය පුරා
ඔය රුව මවා
සිප ගමි යහනේ සතපා
විශ්වය සරා ආදරේ සොයා
හදවත සක්මන් කෙරුවා
රහසේ සිහින හැඬුවා
උහුලන් බෑ කියා

මගේම කියලා....

නාඩන්න මගේ සිහිනේ...
මගේම කියලා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.