Lyrics
නාඹර බඹරුන් රොන් රස සුවය සොයා
සුරගන සළු පිළි නෙක නෙක පැහැය තබා
සිතුවිලි පොදි බැඳ පොපියන රිද්ම ගලා
රඟදේ ඉඟ සුග මනරම් තාල තබා
එක්වෙමූ මේ යෞවනේ
විඳගමූ මේ ජීවිතේ
නිම්නදේ නව තාලයේ
සතුටයි හදවතේ සදා
දිලිසෙන කදුළෙක හදවතෙ සුසුම් හොවා
ඉන්නේ ඇයි ඔබ සෝ දුක් නෙතින් මවා
වුණු දේ හොඳටයි ආයෙත් ගැනම සිතා
ලතැනොවෙමූ අපි සංකා හිතේ දරා
එක්වෙමූ මේ යෞවනේ
විඳගමූ මේ ජීවිතේ
නිම්නදේ නව තාලයේ
සතුටයි හදවතේ සදා
තණ අග පිනි බිඳු වියැකි යන සේමා
ජීවන ගීතේ රන් ස්වර නෑ සැමදා
ඉන්නා ටික දොහේ හිදිමූ නටා ගයා
මෙලොවින් නික්මෙමු සතුටේ කමිදීලා
එක්වෙමූ මේ යෞවනේ
විඳගමූ මේ ජීවිතේ
නිම්නදේ නව තාලයේ
සතුටයි හදවතේ සදා