න න න න නා නා (ඉස්සර කාලේ පටන්)na na na na naa naa (issara kaalee patan)

Na Na Na Na Naa Naa (Issara Kale Patan)

Lyrics

(ඉස්සර කාලේ පටන් අපේ අය 
රස ගී සින්දු කොතන් ගැයූ හැටි)..//
(මතකයි තාම හොඳින් 
වයාලා වයලින් බැන්ජෝ රබන්)..//
(න න න න නා නා න න න න න න නා නා    
න න න න නා නා න න න න න න නා නා)..//

ස රි ග ම ප ධ නි හරියට දැනගෙන 
රාග තාල හෑම අකුරට 
රැකගෙන තබ්ලා සර්පිනාව අරගෙන 
(කීව සින්දු තවමත් ඇත නොමැරෙන)..//

ස රි ග ම ප ධ....

ඉස්සර කාලේ පටන් අපේ අය 
රස ගී සින්දු කොතන් ගැයූ හැටි
(මතකයි තාම හොඳින් 
වයාලා වයලින් බැන්ජෝ රබන්)..//

ආගම දහමට නිති ගරු කෙරුනා 
යහගුණ මග නිසි පෙන්නා දුන්නා 
මසුරන් වටිනා පදවැල් ගෙතුනා 
ඒ ගී රස තවමත් පවතින්නා

ඉස්සර කාලේ පටන්....

කාලෙන් කාලෙට තාලෙ වෙනස් වූ 
සංගීතය දැන් හරි දියුනුයි ලු 
කෙරුවත් සමහරු ඉඳහිට විහිලු 
දන්න අයට බොරු කරන්න බැහැලු 

ඉස්සර කාලේ පටන්....
ස රි ග ම ප ධ නි හරියට දැනගෙන....
ස රි ග ම ප ධ....
(න න න න නා නා න න න න න න නා නා    
න න න න නා නා න න න න න න නා නා)..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.