මුව රඳ සුවඳ ගෙනා සමනලුනේmuwa randa suwanda genaa samanalunee

Muwarada Suwanda Gena Samalune

Lyrics

මුව රඳ සුවඳ ගෙනා සමනලුනේ කියන්න හෙමිහිට
කොයියම් ඉසව්වේන්ද මුන ගැසුනේ මා හැර ගිය ඇය.
මට මග කියන්න එක සැරයක් ඈ හමුවන්නට.

තරු කදුලු සලන රැයෙන් රැයට වළා වියන යට
මට අත වැනුවා හැමවිට ඈ මතකයේ දොරකඩ
ඒ උනාට ඈ හමුවුනේ නෑ මට කිසිවිට.

මුව රඳ සුවඳ ගෙනා සමනලුනේ කියන්න හෙමිහිට
කොයියම් ඉසව්වේන්ද මුන ගැසුනේ මා හැර ගිය ඇය.

වැට කඩුලු වලට බයේ සැඟව එක්ටැම් මැඳුරක
හිත හදාගෙනද දන්නේ නෑ උන්නේ තනියම
ඒ උනාට මම තවමත් හිතන්නේ ඇය ගැන.

මුව රඳ සුවඳ ගෙනා සමනලුනේ කියන්න හෙමිහිට
කොයියම් ඉසව්වේන්ද මුන ගැසුනේ මා හැර ගිය ඇය.
මට මග කියන්න එක සැරයක් ඈ හමුවන්නට.

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.