Lyrics
මුව මුක්තා ලතා පිපි හංසාංගනන්
විල් නෙළුමාසනෙන් ආ ලඳේ
නුඹ භාග් යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පැහැයෙන් දිලේ
මා හද ප් රේමාංගනේ- රෑ නුඹ රාසෙන් ලඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරාගේ නඟන් නොනිඳා....
ආකාස ගං චන්ද් ර නෞකාවේ..//
තනිවෙන්න යං පෙම් රසෝජාවේ..//
රූසිරු කල් යාණියේ-මා සැනසෙන්නම් ප් රියේ
තුනු ශ් රීයෙන් විපුල් වොරැඳී
මනසානන්ද මන්දෝදරී....
නිසසනි සගගම පමපප නිනිසරි ග...
රිගසග රිගනිප නිසරි
නිප මධප ගමප ගරි නිනි සරිස....
හිරු එන්න පෙර රාත් රි මේ සීතේ..//
හා හා ගයන් සෞම් ය සංගීතේ...//
මේ හිරු නොනගීවා-රෑ තව දිගු වේවා
ඔබෙ නලළේ සඳුන් තිලකේ
අද ඉහිරේද දෙතොලින් මගේ...
මුව මුක්තා....