මුව හසරැලි සාගරයේmuwa hasaraeli saagarayee

Muwa Hasareli Sagaraye

Album
Clarence Unplugged

Lyrics

මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා 
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා 
දේදුන්නක සඟවලා දෙතොල් රස සලා 
ඔබ මගේ මුළු ජිවිතයම රඟහලක් කළා.... 

සඳ විමනේ විසිතුරු පවසා 
නෙත් එළියේ තොරතුරු විමසා 
පිය වදනේ සළුවද දවටා 
සැනසිල්ලේ උණුසුම ගවසා 
ඔබ නළවන්නම් මම ඔබ සනසන්නම්...//
නොමියනසුළු ආදරය කතා කියන්නම්....

සඳ මඬලේ සොමිගුණ මාවලා 
පිනිබිඳුවක සිහිලස ඔතලා 
මල් කෙමියක මධුරස සොයලා 
සල් අරණක පවනැලි නිවලා 
ඔබ නළවන්නම් මම ඔබ සනසන්නම්...//
නොමියනසුළු ආදරය කතා කියන්නම්....  

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.