මුතු වරුසාවක් වැහැලාmuthu warusaawak waehaelaa

Muthu Warusawak Wahala

Music:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
Lyrics:
තිලකා රාජපක්ෂthilakaa raajapaksha

Lyrics

මුතු වරුසාවක් වැහැලා
නෙත අපගේ බැඳුණ දිනේ
ඔබයි මමයි ජීවිතයේ
සුවයක් ලද ඒ සොඳුරු දිනේ ... //

බින්දු බින්දු වැහි වැටුණා
සෙවණ සොයා නෙත ඇදුණා
දෙනෙතේ දැක ආරාධනා
ඔබ මා අසලට ආ දිනේ

මුතු වරුසාවක් වැහැලා...

නෙත බැන්දු රූ එදා ඔබගේ
සිත ආදරෙන් බැඳී තිබුණා
මුතු වරුසාවක් මාවතේ
සෙනෙහස අඳුනයි ජීවිතේ

මුතු වරුසාවක් වැහැලා... ///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.