මුතු පින්නmuthu pinna

Muthu Pinna

Lyrics

මුතු පින්න තාම හීතලයි වගේ
රහ දන්න දෑස මග බලයි ඉබේ
අරුමැක්කේ මල් නෙළන්න එන නගේ
හද ගැස්ම ඔබට දැනෙනවද මගේ //

මල් රෙද්ද තදට තනි රකී ඉනේ
මල් යාය හොඳට සැප විඳී බඳේ
ඒ මලක් වෙන්නවත් පිනක් කොහේ
ඔබ දකින එකත් සැපක්නේ අනේ

මා දැක්කම ඉඟ නටන දර්ශනේ
මට බලා ඉන්න ලෝබයි කෙල්ලේ
හොර බැල්මේ බහට පිරුණු හිත මගේ
නගා බලා ගන්න නෑ මම දන්නේ

මුතු පින්න...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.