මුතු මුතු පිණි කැටmuthu muthu pini kaeta

Muthu Muthu Pini Keta

Lyrics

මුතු මුතු පිණි කැට පොළොවට වැටෙනා වෙලේ 
සිතු සිතු විලසට ගහකොළ වැනෙන රඟේ 
තරුමල් අහසේ නිවි නිවි දිලෙන පැයේ
දෙව් පුතු ඉපදීලා සුබ මංගල්ලේ... 

නත්තල් කාලේ ලෝකය බබළවමු 
සාමය සමගිය සිත් තුළ පතුරවමු 
සිතෙහි කැත කුණු අද සෝදා ගනිමු 
ජේසු බබා නළවන්නට ගී කියමු... 

බෙත්ලෙහෙමේ ඉපදුණ මගේ සුදු ජේසු 
ඔබව බලන්නට ආවෙමි මම ජේසු 
දවසක මාගේ පව් සෝදනු ජේසු 
සිරි ලංකාටත් ඔබ එනවද රන් ජේසු... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.