මුතු කුඩ ඉහලන මල් වරුසාවේmuthu kuda ihalana mal warusaawee

Muthu Kuda Ihalana

Lyrics

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ 
උඩ ඉගිලෙන විට වැහිලේනී
එබී බලා රිය කවුලු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

අදුරු ලලා සෙංකඩගල වැස්සේ
දිය දහරා පාටයි දේ දුන්නේ
තෙමී තෙමී ආදර මදු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ

රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
නහවයි මා රිය සක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබඳ කම් නෑ රිය සක දන්නේ

මුතු කුඩ ඉහලන........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.