මුතු අහුර (ටෙලි නාට්‍ය ගීතය)muthu ahura (teli naatya giithaya)

Muthu Ahura (Teledrama Theme Song)

Music:
චතුරංග ඩිසිල්වාchathuranga disilwaa
Lyrics:
අමිල රුවන්amila ruwan

Lyrics

දිවිකතර මහා වැස්සක් සොයා මගෙ දූ
පසු නොබලා පෙරට යන්න නැතත් කවුරු 
නිසල පොලොව ඈතයි මට එත් මගෙ දූ 
නුඹගේ ලෝකේ ලඟයි ඉන්නේ සැනෙකින් අසුරු 

රංචු ගැහෙන හීන පොකුරු බිමට වැටේවි
පුංචි පැටවු ආගන්තුකයින් අහුලාවී 
අන්ද මන්ද වී ජීවිතෙ කඳුළු පිරේවි 
කඳුළු සාගරේ මැද මගෙ දූ තනිවේවි      

(පණ ගත්ත නැවුම් සිහිනේ පුරා 
ඇවිදන් යමු නැවතුම නොසොයා 
මගෙ දුවේ සදා)..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.