මුරකාවල්murakaawal

Murakawal

Music:
Amusync එන්ටර්ටේන්මෙන්ට්amusync entarteenment
Lyrics:
සජිත් චතුරංගsajith chathuranga

Lyrics

බලෙන් ආදරේ ඉල්ලා 
ලබා ගන්න බැරි හින්දා 
සදාකල්ම මනසේ ඔබේ මතකය රන්දා 
උඩින් සැනසුම පෙන්නා 
යටින් ලොකු දුක හංගා
හිනාවෙලා ඉන්නම් පාළුව කරපින්නා 

(මුරකාවල් ඇති ලෝකෙට සමුදී 
එක තැන මිය ඇදෙමු 
නැවතත් උපදින මතු යම් දවසක 
ආයෙ මුණ ගැහෙමු...//)

දැවෙන්නට යමක් ඇති නම් 
නොවෙන්නට දෙයක් ඇති නම් 
ජීවිතේ වෙන කාටවත් නවතන්න බෑ කිසිදා 
ගියාට මා අතරින් පනවා නොකළ වැරදි 
සමාවෙන්න ඔබගෙන් මට යන්න බෑ පිටවී 
 
මුරකාවල් ඇති ලෝකෙට....

මගේ ගැන අගේ ඇති නම් 
දකින්නට වරම් නැති නම් 
ආදරේ නැවතත් වරක් පවසන්න මා අමතා 
ගියාට මා අතරින් පනවා නොකළ වැරදි 
සමාවෙන්න ඔබගෙන් මට යන්න බෑ පිටවී 
 
මුරකාවල් ඇති ලෝකෙට....
බලෙන් ආදරේ ඉල්ලා....
මුරකාවල් ඇති ලෝකෙට....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.