Lyrics
මුනුබුරු මගේ විල්ලුද බිමේ
විදුලිය රියක් ඈතට පදී
පොල් අතු පැලේ ගොමමැටි බිමේ
ඉරටුව එතූ රෝදේ නොවේ
ඔහුගේ සිනා කින්කිණි හඬින්
පුතුගේ ළමා විය සිහිවුනේ
වක්කඩ වටේ මඩ පෝරුවේ
වාගේ නොවේ තිදසේ පුරේ
ඉපදුණු ගමෙන් ගව් සිය දුරින්
නිවසේ තනිව ඔහු හා ඉමී
දවසේ මෙහෙය පවරා ගියත්
සතුයින් සමානයි සිත මගේ