මූණු පොතේmuunu pothee

Munu Pothe

Music:
දමිත අයෝද්‍යdhamitha ayoodhya
Lyrics:
කුමුදුනී කනවෙතිkumudhunii kanawethi

Lyrics

මූණු පොතේ තටු අතරේ කාලේ ගෙවනවා
සේයා රුවට පෙම් බැඳි අය මට සිටිනවා
සමහරු ජීවත් වෙනවා ජීවිත දාලත් යනවා
අදට වඩා හෙට යාළුවෝ වැඩි වැඩි වෙනවා
යාළුකමට හිටි සමහරු තරහත් වෙනවා
මුණු පොතේ සමහරු වත ගොත විමසනවා
දුර දිග නොසිතා යනවා සමහරු විනාශ වෙනවා
මූණු පොතේ තටු අතරේ කාලේ ගෙවනවා......

මූණු පොතේ සමහරු ගුණදම් පතුරනවා
ජීවිත අවබෝධය හොඳ හැටි දෙනවා
දුක්බර ප්‍රෙමත් දෙනවා නෙතඟට කඳුළුත් එනවා
(ලෝකේ වටේ මිනිත්තුවෙන් අරගෙන යනවා//)
සුන්දර තැන් පුදුම හිතෙන දේ පෙන්වනවා
නොදැනීම කාලේ ගෙවෙනවා දේවල් අතපසු වෙනවා
ලෝකේ වටේ මිනිත්තුවෙන් අරගෙන යනවා.....

මූණු පොතේ තටු අතරේ......

උපන්දිනේ කේක් ගෙඩිය බුකියට යනවා
සුභ පැතුමන් වරුසාවක් පස්සෙන් එනවා
ලයිකුත් ගොඩක් වැටෙනවා තැන්ක් යූ එකක් යවනවා
සුභ පැතුමන් වරුසාවක් පස්සෙන් එනවා
දන්න කෙනෙක් මැරුණම ෆොටෝ දානවා
ඒක දැකපු සමහර අය ලයික් දානවා 
අනේ පිස්සු හැදෙනවා දැක්කම හිනහත් යනවා
එකෙක් මැරිලා වැටෙනවා අනෙකා රෙකෝඩ් කරනවා.....

මූණු පොතේ තටු අතරේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.