මුනි පාද පියුම් බබළනmuni paadha piyum babalana

Muni Pada Piyum Babalana

Lyrics

(මුනි පාද පියුම් බබළන රන් සමනළ කන්දේ
ඇත් වාහන නැඟි සුමන සමන් දේව සුරින්දේ...//)

(එක මවගේ දරුවන් මෙන් මුළු ජාතිය වන්දා
මව් භූමිය ලංකා දෙරණට සිරිකත කැන්දා…//)
සිව් දේශය සෞභාගය නෙක සව්සිරි රන්දා
රැක දේවා මේ දෙව් සුරිඳු ජය දද බන්දා…

මුනි පාද පියුම්.../

(මුනිදානන් පා පහසින් පින්වන්ත මේ බිමේ
පන්දහසක් කල් පවතින් සම්බුද්ධ සාසනේ…//)
බල මහිමෙන් සව් සරණ දෙවා සදා පා සෙනේ
කරුණාවයි කරුණාවයි ශ්‍රී සමන් දේවනේ....

මුනි පාද පියුම්..../
(කරුණාවයි කරුණාවයි ශ්‍රී සමන් දේවනේ....//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.