Lyrics
මුණි නන්දන සිරිපාද වඳීම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්ධේ
මුණි නන්දන සිරිපාද වඳීම් ශ්‍රී
ශාන්ති කරුණා ගුණ ආනන්දේ
ලැබීලා කරුණා ගුණ ආනන්දේ
පිහිටෙන් සුමන සුරින්ඳේ සිතු පැහැදේ.....
මුණි නන්දන සිරිපාද වඳීම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්ධේ
මුණි නන්දන සිරිපාද වඳීම් ශ්‍රී.....
(ලිහිණි හෙලේ අම්බලමේ සිංඳලා ගිමන්...//)
(ධර්මරාජ ගලේ නැගී ගල් පඩි ගනිමින්...//)
තුන් සරණේ පිහිට සිතලා සන්තොසිනේ ඉන් පිටත්වෙලා
පිහිටෙන් සුමන සුරින්ඳේ සිතු පැහැදේ
මුණි නන්දන සිරිපාද වඳීම් ශ්‍රී.....
ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ
සීත ගඟුලේ නාලා සැම පඬුරු බැඳ ගෙනේ
ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ
මළුව පෙනේ යමු නැවතී හැරමිටි පානේ......
සමන් දෙවි කරුණාවයි නඩේ සැමටම සැප වෙයි//
පිහිටෙන් සුමන සුරින්ඳේ සිතු පැහැදේ
මුණි නන්දන සිරිපාද වඳීම් ශ්‍රී.....
(ඇහැළ කණුව ළඟ නැවතී පිරුවට ඇඳලා....//)
(අහස් ගව්ව පසු කරමින් සාධු කියාලා....//)
මහ මළුවට විත් ගිරිදඹ නැගලා
සිරි පතුල වඳිමු නිවන් පතාලා
එම පින් සමන් සුරිඳුටත් පමුණුලා....
මුණි නන්දන සිරිපාද වඳීම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්ධේ
මුණි නන්දන සිරිපාද වඳීම් ශ්‍රී.....