මුමුණනවාmumunanawaa

Mumunanawa

Music:
සංතුෂ් වීරමන්santhush wiiraman
Lyrics:
වසන්ත දුක්ගන්නාරාළwasantha dhukgannaaraala

Lyrics

මට හංඟ හංඟ හැංඟිලා ගිය කාලය
ඔබ තාම දන්නෙ නෑ මේ ආදරේ වග
දුර ඈත කාලේකත් කියන්නට හිටිය බව
පොඩි කාලයක්ද මේ බලාගෙන හිටියේ මම
මේ ආදරේ ද ආදරේ බව නොදැනුන
හිත හීනයක් වගේ නිවි නිවී දැල්වෙන
සුළඟක් නමුත් ඇවිත් රැඳෙන්නට බැරිවුණ
මම ආදරේ කියා කියන්නද සදහටම...
හීනෙන් ඇවිදින් කොඳුරනවා
මතකය හිත අග අමුණනවා
කන් පෙති ලඟ ලඟ මිමිණෙනවා
සීතල සිත් පොඩි රැවටෙනවා
හදවත සනහන එකම සිහිනයක
හෙමිහිට ඇවිදින් මුමුණනවා
මුමුණනවා... මුමුණනවා... මුමුණනවා...

මේ ආදරේ ද ආදරේ බව නොදැනුන
හිත හීනයක් වගේ නිවි නිවී දැල්වෙන
සුළඟක් නමුත් ඇවිත් රැඳෙන්නට බැරිවුණ
මම ආදරේ කියා කියන්නද සදහටම...
හීනෙන් ඇවිදින් කොඳුරනවා
මතකය හිත අග අමුණනවා
කණ් පෙති ලඟ ලඟ මිමිණෙනවා
සීතල සිත් පොඩි රැවටෙනවා
හදවත සනහන එකම සිහිනයක
හෙමිහිට ඇවිදින් මුමුණනවා
කණ් පෙති ලඟ ලඟ මිමිණෙනවා
සීතල සිත් පොඩි රැවටෙනවා
හදවත සනහන එකම සිහිනයක
හෙමිහිට ඇවිදින් මුමුණනවා
මුමුණනවා... මුමුණනවා... මුමුණනවා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.