මුළු මුහුදම හඬයිmulu muhudhama handayi

Mulu Muhudama Handayi

Lyrics

මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි
ඔබ මුහුදයි මම වෙරළයි මට සිතෙයි
මුළු මුහුදම හඩයි මම වෙරළේ  නිසසලයි
මම මුහුදයි ඔබ වෙරළයි සිතේ
මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි.....

සිත තරණය කරගනු බැරි මිනිසකු විලසින්
දිවි වෙරළෙහි ලතැවීලා හඬා වැටෙනවා
ඔබ අන්සන්තක වනු දුටු සිතකින් කැළඹුණු
සිත අඳුරෙහි ලතැවිලා හඬා වැටෙනවා....

මුළු මුහුදම ....

අප වෙන්වෙන දින මතු කිසිකල නොඑතැයි සිතූ
සිත අද ඇයි වැලපෙන්නේ හඬා වැටෙන්නේ
ඇය හැර යන්නට සිත මට අවසර දිය යුතු
සිත නුඹ ඇයි ලතැවෙන්නේ හඬා වැටෙන්නේ

මුළු මුහුදම .....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.