Lyrics
මුළු ලොවම කතාවේ මුළු ලොවම හිනාවේ
සිතක් වන්න හඬවන්න මෙසේ ලං වුනේ
මල් කැකුළක් විකසිත කල සඳු ලෙස අහසේ
මා වටලා තරු එළියෙන් ඔය දොඩමලු දෑසේ
අත රඳවා මන බැඳෙනා තුරු සියුමැලි දෑතේ
මුල පිරිවේ ඔබමයිනේ සෙනෙහසකට රහසේ
දුර එන රුව පුරුදුයි මග මොහොතක් රැඳුනා
ඔබ රසකල මගෙ දෙකොපුල් නෙතු කඳුලින් වැසුනා
අදහනු බෑ මේ අරුමය හැබැහින් දැක මා
ඒ සියුමැලි අත අන් සුරතක පැටලී තිබුනා
නිදි යහනයි ඔබ සැමරෙන මා හද මැදුරයි
කළ අවුලයි සිත් තැවුලයි නෙත කදුලැලි අහුරයි
තනිකර මා අඳුරේ ඔබ වෙනතක බැඳුනයි
මුණ ගැසුණා වෙන් කෙරුනා හිත රිදුනා පමණයි