මුළු හදින් මම ඇයට පෙම් කොටmulu hadhin mama aeyata pem kota

Mulu Hadin Mama Ayata Pem Kota

Music:
කුලරත්න තෙන්නකෝන්kularathna thennakoon
Lyrics:
එඩ්මන් ජයසූරියedman jayasuuriya

Lyrics

මුළු හදින් මම ඇයට පෙම් කොට 
අනාගත පෙම් සිහින මැව්වෙමි 
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට 
අයිති වුන හැටි බලා දුක් වෙමි //

නිසංසල තැනකට වෙලා
හඩන මගෙ ඇස් දෙක දෙස බලා
කියන්නකෝ දෙවියනේ 
මේ දුක් කොහොම ඉන්නද ඉවසලා //
මගේ අත ගෙන කනට ළං වී 
අනෙ සුදු මම ආදරේ යැයි
කියන්නට සිතුනේ ඇයිද සුදු 
නොසිතුවෙද මට දුක් ලැබේයයි //

නිදැල්ලේ තුරුලට වෙලා 
රහස් එක එක කොඳුරලා
සිනාසුනු හැටි මතක් වෙනකොට 
කොහොම ඉන්නද ඉවසලා//
එදා රෑ ගං ඉව්ර අසබඩ
සුපුන් සද පායන වෙලාවක
කථා කී හැටි මතක් වෙනකොට
දුක දැ‍නෙයි පවතින අපායක //

මෙහෙම ලෝකෙක ඉපදිලා
හිතේ අදහස් සුන් වෙලා
මා උපන්නේ දුක් විදින්නද 
දුක් කඳුළු මැද තනිවෙලා //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.