මුලදි බැන්ද ආදරයකmuladhi baendha aadharayaka

Muladi Banda Adarayaka

Music:
මොහමඩ් සාලිmohamad saali
Lyrics:
ඇලෝයි ගුණවර්ධනaelooyi gunawardhhana

Lyrics

මගෙ අත ඔබට හැර හිතවතියකට වෙන
දුන්නොත් මගේ ජීවිතයකි කදුළු බොන
මිනී වලක මා යටකර තබන දින
වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන||

මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
ශෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්...//

අසරණ මා අමතක කෙරුවත් ඔයා
සිතුවාද ඔබව මට අමතක වෙයි කියා..//
එහෙම කලොත් යම්කිසි දවසක මෙමා
හමුවන්නෙ ඔබට මේ මගෙ මල කඳ තමා...//

සෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්...

මල් කුමරියො හිටියත් කොතරම් කැලේ
ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ..//
එක් වෙන්නට නොහැකි වු‍‍නොත් රන්කදේ
සැනසෙමු දෙන්නම් එක තැන එක මිනි වලේ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.