මුහුණු පොතmuhunu potha

Muhunu Potha

Music:
ශෙහාන් & අකිලshehaan & akila
Lyrics:
ශෙහාන් & අකිලshehaan & akila

Lyrics

වැඩ පලේදී වැඩ කෙරුවට 
පාසලේදී පොත් බැලුවට 
නිවනක් නෑ ගෙදර යනතුරා 
මුහුණු පොතේ පිටු ගනින තුරා   

request යවනවා කියන්නේ 
accept කරනවා තමයිනේ 
pictures upload කරන්නේ 
tag එක කර වටේ දමන්නේ 
වැඩි විස්තර පසුවටයි ලියන්නේ 
හොඳ සෙල්ලම් එතකොටයි පෙනෙන්නේ 
කපලා කොටලා crop කරලා ගන්නේ 
කට්ටිය ඉතින් ජරමරේ 

විබාගෙ අත ලඟ අත පොත ලඟ 
හිත ඇය ලඟ තියාලා 
කොල්ලො chatting facebook එකේ 
බඩගින්නේ ඉන්න වුනත් 
දින දෙක තුන නෑ වෙනසක් 
කෙල්ලො ඉන්නෙ හිතේ කික් එකේ 
කෙල්ලො කොල්ලො සෙට් වෙනවා 
arrange මැරේජ් නැතිවෙනවා 
කපුවට නෝ place සීන් එකේ 
අනේ කපුවත් facebook එකේ 

හිතේ ඇඳුනු දේවල් 
හිත යට හිරවුනු දේවල් ගැන  
අඬ බෙර ගා ලොවට කියනවා 
මූණු පොතේ උඩම ලියනවා 
කේන්දර නිකන් බලනවා 
ග්‍රහ පල හොඳට කියනවා 
සුන්දර හීන මවනවා 
සුරපුර මට සිහිවෙනවා 
නළුවො නිලියො දුසිම් ගණන් ඉන්නේ 
දොස්තරවරු මන්තිරිවරු හම්මේ 
බාල මහළු කොයි කවුරුත් පොදුවේ 
රඟපු රැඟුම් හද බෑ අඳුරේ 

ලවී ඩවී මමී ඩෑඩී ගහන්නෙ දැන් බාර්න් බඩී 
දාම් කැරම් අත වේලෙනවා 
සිනා සිසී හොඳට හිටී 
කැත්ත උදැල්ලට කැමතී 
සීයා ෆාර්ම් විලී වවනවා 
රෝද දෙකට උදෙන් නැගී 
ලියුම් බෙදූ පොඩි මල්ලී 
ලියුම් නැතේ කියා අඬනවා 
එයා දැන් හන්දියෙ වටේ පදිනවා 
තමුන්ගෙ වැඩ මිස් කරගෙන 
මුහුණු පොතේ චැට් බර බර
ඉවර වෙයිද ලබන ආත්මේ 
අනේ අනුන්ගෙ කුණු වල රස ගුණ 
තලු මර මර රස විඳින්න 
අංකල් ඇන්ටිලත් පෝලිමේ 
නාකි විසේ ගෙටත් උසේ සෙට් වෙන්නෙම  
මූණු පොතේ මොකක්ද මේ නටන විකාරේ 
මල සමයම් facebook එකේ 
වැඩක් නැද්ද මල්ලි පොත පතේ 
කට්ටිය රොක් කරනවා facebook එකේ 
මමිට හෙල්ප් එකක් දෙන්න සුදු දුවේ 
මෙයාලා මල් කඩනවා facebook එකේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.