මුදු පතුල යට ඉඳලාmudhu pathula yata indalaa

Mudu Pathula Yata Indala

Lyrics

(මුදු පතුල යට ඉඳලා 
මුතු ඇටයක නිදිකරවා 
පෙන කැටියක පා කරලා 
මගේ දෝතට පුතු ආවා
මගේ දෝතට පුතු ආවා)...//

(සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිලිසෙනවා)..//
(සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා)..//

මුදු පතුල යට ඉඳලා...... /

(වෙරළෙන් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා)..//
(තවත් කෙනෙක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා)..//

ඒ පබලුයි මේ කවඩි එක නූලේ අමුණනවා 
ඒවායින් කවඩි සදා පුතුගෙ ඉනේ පලදනවා
(පුතුගෙ ඉනේ පලදනවා)..////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.