මිසිස් පෙරේරාmisis pereeraa

Mrs. Perera

Music:
කපිල්kapil
Lyrics:
මනුරංග විජේසේකරmanuranga wijeeseekara

Lyrics

රෑට කොලඹ නගරේ පිසන් හමන සුළං රැල්ල
මූන කටට ගේන අමුතු කිතිය හරිම පුදුම
දැනුනේ නෑනේ හිතුනේ නෑනේ කිසිම ගතියක් නෑ...
සාරී කපලා දාපු රූම් එකේ ජනෙල් රෙද්ද
වැනෙයි ඉබා ගාතේ ඩිස්කෝ නැටුම් දාන් නැතුව
සද්දේ නෑනේ ඇයත් නෑනේ කිසිම ගතියක් නෑ.......

නාන ගමන් කියන හිතේ තියෙන ශෝක ගීය
වතුර කපපු ගමං ඇස් වලටත් දැනේ ගින්න
ඇයව මතක් කරං ඉවසුවා අපි හිතේ ගින්න
දුවව පිටකෙනෙකුට බන්දලා දුන්නේ ඇයිද?
මිසිස් පෙරේරා අයියෝ මිසිස් පෙරේරා......
අපි හන්තර් දැන් ඇය ලන්ඩන් දැන් අයියෝ මිසිස් පෙරේරා
මිසිස් පෙරේරා ඕහ් මිසිස් පෙරේරා
මම ටාසන් බන් යන්න වැල් නැහැ දැන්
අයියෝ මිසිස් පෙරේරා.....

දුවව පෙන්න පෙන්න වැඩිය ගත්තා අපේ කුලිය
මකුනෝ කාපු තරම වැඩිය ලොකුයි ලේ බැංකුව
දැනුනේ නෑනේ හිතුනේ නෑනේඈව දකින නිසා
රෑට කනන තිබුනු බත් එක මිස් වෙනවා රෑට
ඇයත් එක්ක චාටු වදං කියලා රෑට රෑට
දන්නේ නෑනේහිතුනේ නෑනේඅපිට පාඩුයි කියා......

නාන ගමන් කියන.....

යන්න යනවා මම ඩුබායි
ඉන්න බෑ මට දැන් දුකායි
අම්මා කිව්වේත් ඔය ටිකායි
කොලේ වහලා ගැහුවා නෙදෝ අපිට......

මිසිස් පෙරේරා අයියෝ මිසිස් පෙරේරා......
අපි හන්තර් දැන්ඇය ලන්ඩන් දැන් අයියෝ මිසිස් පෙරේරා
මිසිස් පෙරේරා ඕහ් මිසිස් පෙරේරා
මම ටාසන් බන් යන්න වැල් නැහැ දැන්
අයියෝ මිසිස් පෙරේරා.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.