මොනවත්ම වෙන ආයේ (මිය යන්න සුදානම්)monawathma wena aayee (miya yanna sudhaanam)

Monawathma Wena Aye (Miya Yanna Sudanam)

Music:
තරිඳු කොස්තාtharindu kosthaa
Lyrics:
උවිඳු දයාරත්නuwindu dhayaarathna

Lyrics

මොනවත්ම වෙන ආයේ මට ඕනේම නෑ 
ඔබ සතුටු නම් මට දුක ඇත්තේ නෑ 
හැමදේම විසඳන්න කාලයට බෑ 
වෙන් වී ගිය අපි යළි එක් වෙන්නේ නෑ 
මිය යන්න සූදානම් පැරදුම දරන් 
සමරන්න එනවාද සුදු මල් අරන්

කිව්වාට මං නැතිව බැහැමයි කියා 
ඒ කාලේ නොදැනීම ගෙවිලා ගියා 
ඇස්‌ රතු වෙලා යන්න හැදුවත් පතා 
නැවතීමේ තිත තියලා ඔබ වෙන් වුණා 
මිය යන්න සූදානම් පැරදුම දරන් 
සමරන්න එනවාද සුදු මල් අරන්

කාටත්ම දොස් දෙන්න බැහැ මට යලී 
වෙන්වූයේ අපෙ වැරදි හින්දයි අපි 
මට වැඩිය දස ගුණයකින් හොඳ පිරී 
පින්වන්ත පෙම්වන්තයෙක් වෙන්නැති 
මිය යන්න සූදානම් පැරදුම දරන් 
සමරන්න එනවාද සුදු මල් අරන්

මොනවත්ම වෙන......
විඳගන්න බෑ හිතට මේ දුක තවත් 
මම ඈත යන්නම් ඔබෙන් සමු අරන්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.