මොනවද මුත්තේ මොකද කරන්නේmonawadha muththee mokadha karannee

Monawada Muththe

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
එස් මහින්ද හිමිes mahindha himi

Lyrics

මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ..
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි..//

දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද..
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොම තේරෙයි මට..
පුදුමයි ළමයෝ ඔබේ ඔය අදහස
හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස..

පෙර උන් අය සිටවූ අඹ ගස්වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම
ඒ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි..

ආයුබොවන් මුත්තේ මම යන්නෙමි..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.