Lyrics
මොණරුන්ට මිහිරි සිංදු කියන කුරුල්ලෙකුට බහදී
ඈ යන්න ගියා සිදාදියට සඳ කිඳුරුව මගදී
මං තාමත් තනිව ජාතකේ
හිත හදාගන්න බැරිම නාටකේ
ගං ගොඩෙන් ආව විස ඊතල වලට එදා ලය දී
ඈ ළඟට වෙලා මං හිටියා ආදරයට පණ දී
ඈ යන්න ගියා මගදී
වාවන්න බැරිම තැනදී
නිල් මොණරු ඇවිත් පිල් විදහා කරලිය අබියසදී
සඳකිඳුරු නැටුම වෙනස් කළා මගෙ සෙනෙහස පැරදී
ඈ යන්න ගියා මගදී
වාවන්න බැරිම තැනදී