මොණර කිරිල්ලියෝ වටපිට බලන ඇසිල්ලේmonara kirilliyoo watapita balana aesillee

Monara Kirilliyo Watapita

Lyrics

මොණර කිරිල්ලියෝ වටපිට බලන ඇසිල්ලේ
සුලුමොහොතක් නතර වෙන්න ඔබෙ හසරැල්ලේ
පුරුදු ලෙසම මං ආවත් ඒ සිතුවිල්ලේ
බස් නැවතුම්පල පාලුයි අද තංගල්ලේ...

කිචිබිචි හඬ අඩුවක් නෑ උකුලු මුකුලුව
මගෙ හිත නම් සතුටක් නෑ ඔය රුව නොදැක
ගිය සතියේ මාහට වී ගිය පොරොන්දුව
කඩවෙන්නට අද නාවේ කිමද හේතුව...

කිහිපයක් ම බස් මගහැර මං එනතුරුම
පන්තිය ඇරිලත් නොගිහින් ඉඳපු වරදට
ගෙදරින් දඬුවම් ලැබුනද දැනන් මා ගැන
කාගෙත් ලඟ නැහැලු මගේ දුකට පිළිතුර...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.