මොණර කිරිල්ලියෝmonara kirilliyoo

Monara Kirilliyo

Lyrics:
ප්‍රසන්න කුමාර ධම්මලගේprasanna kumaara dhhammalagee

Lyrics

මොණර කිරිල්ලියෝ වටපිට බලන ඇසිල්ලේ 
සුළු මොහොතක් නතර වෙන්න ඔබෙ හසරැල්ලේ 
පුරුදු ලෙසම මං ආවත් ඒ සිතුවිල්ලේ 
බස් නැවතුම් පොළ පාලුයි අද තංගල්ලේ 

කිචි බිචි හඬ අඩුවක් නෑ උකුළු මුකුළුව 
මගෙ හිත නම් සතුටක් නෑ ඔය රුව නොදැක 
ගිය සතියේ මා හට වී ගිය පොරොන්දුව 
අතරින්නට අද නාවේ කිමද හේතුව 

මොණර කිරිල්ලියෝ....

කීපයක්ම බස් මග හැර මං එනතුරුම 
පන්තිය ඇරිලත් නොගිහින් ඉඳපු වරදට 
ගෙදරින් දඬුවම් ලැබුනද දැනන් මා ගැන 
කාගෙත් ලඟ නැහැද මගේ දුකට පිළිතුර 

මොණර කිරිල්ලියෝ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.