මොළකැටි බිළිදෙකුmolakaeti bilidheku

Molakati Bilindeku

Lyrics

මොළකැටි බිළිදෙකු අතේ හොවාගෙන
ඔබ ඔහු සමගින් යනු දුටුවා
සොඳුරු ඔබේ වත මිලාන වී ගොස්
නිලුපුල් නෙත් බොඳවනු දුටුවා

මට අදහනු බෑ ළමා උයන තුල
මගේ නෙත ගැටුනේ ඔබ ද කියා
පමා නොවී තව පවසනු මැන මට
කෙළෙසද සිත ඔබේ බිදුනේ කියා

මොළකැටි බිළදෙකු ......

බිඳුණු පැතුම් මැද ඇඩූ කඳුළින් ඔබ
දිවි ගෙවනා හැටි හදට දැනේ
බිඳකුඳු ඔබ ගැන අහිතක් නැති බව
තවමත් හඬගා කියමි ළදේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.