මොකද මැණිකේmokadha maenikee

Mokada Manike

Music:
දේවානන්ද වෛද්‍යසේකරdheewaanandha waidhyaseekara
Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

මොකද මැණිකේ හනික යන්නේ
තාම නෑනේ රෑ වෙලා - තාම නැහැනේ රෑ වෙලා

කළයේ දිය නෑ - ළිපට දර නැහැ
මග ඇති අම්මා බලා - මග ඇති අම්මා බලා

ඔහොම පිටු පා ඒ දවස්වල කිසිම දුක දී නෑ ගියේ
ඔය නෝක්කාඩු කියන බව ඔබ දන්නවා මම නම් ප්‍රියේ

ළගදි ඉදලා වෙනස් වීලා වාගෙ මැණිකෙ මා කෙරේ
සත්තකට නැහැ ඇත්තමයි සුදා ඒ වගේමයි ආදරේ 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.