මෝදු වෙලාmoodhu welaa

Modu Wela

Music:
ගයන්ත විජයරත්නgayantha wijayarathna
Lyrics:
සුරේන් ඩීsureen dii

Lyrics

මෝදු වෙලා සඳ පායනකොට අපේ ගමට
සිත හැඬුවා සිහිවීලා ඔය මුව කමල
සුළං රැලක පාවීලාවත් එනවාද
මං ඉන්නම් ගෙයි පිල උඩ නුඹ එනකල්ම.......

දඟකාර කටකාර කවි මාලා නුඹ කීව තාලේ
මනමාලකම් පිරුණ ඔය හිතට මං ආදරෙයිනේ
(ඒ හීන මං ගාව තාමත් තියන් ඉන්නේ රහසින්.......//)

මෝදු වෙලා සඳ පායනකොට අපේ ගමට
සිත හැඬුවා සිහිවීලා ඔය මුව කමල.......

ගංදෑල හැම රෑක නුඹ නැතිව තනිකම ගෙනාව
රෑ පාන හැමදාම මගේ හිතට තනි රකිනවාද
(ඒ හීන මට දීලා නුඹ ඈත ඇයි ඉන්නේ හැංගී.......//)

මෝදු වෙලා සඳ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.