මියුරු පෙම් මදිරාවේ miyuru pem madhiraawee

Miyuru Pem Madirawe

Lyrics

මියුරු පෙම් මදිරාවේ 
නුහුරු රස දැනුනාවේ
සත්සරේ රැව් දිදී
පුරවන්න මා දෙසවන් මිහිරේ

දෙතොල් පෙති පුබුදාලා
පියුම් පැහැ විහිදාලා
දෙනෙතෙහි නිල්මිණි
ලෙළවන්න මා නළවා සොදුරේ

හසරැල් අමා දියේ
තිසරුන් තෙමී ගියේ //
රන්වන් ලතාවෙන් ඉන්න ලංවී
සුදෙහිනියේ දිවා රැයේ

මියුරු පෙම් .....

කඳු හෙල් මැදින් ඇදී
එමි ආදරේ සොයා //
සිහිනෙන් පැතූසේ වස්තුවක් දැන්
තියේ හිනැහි මගේ කියා

දෙතොල් පෙති ....
මියුරු පෙම් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.