මියුරු කවියකිmiyuru kawiyaki

Miyuru Kaviyaki

Lyrics

මියුරු කවියකි ළඳුනි ඔබ මට
හදේ නිබඳව පොපියනා
නමුදු තොල් අග උපත නොලබා
හද ගැබේ නිති ලතැවෙනා

හදෙහි ඉපදී සහස් සුවහස්
අරක් වී හද කළඹනා
වදන් ඇත මට කවියක් වු ව ඔබ
ලියන්නට පත් ඉරු පුරා //

මියුරු කවියකි .....

මහද ගැඹ තුළ සදාකල් ප්‍රතිරාව
වේවා ගොළු බසින්
අන් නෙතක් ගැටෙනා ලෙසින් ඔබ
නූපදින් පන් හිඳ තුලින් //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.