මියෙනා තුරාmiyenaa thuraa

Miyena Thura

Music:
අමිත් ගුරුamith guru
Lyrics:
සත්සර කසුන් පතිරණsathsara kasun pathirana

Lyrics

මියෙනා තුරා මගෙම වේවා
සතුටින් ඔයා ලොව හිඳීවා
මොහොතක් මගෙන් වෙන් නොවේවා
අහසක් තරම් පෙම දැනේවා

(ඔබ ළඟින් මා සසරේ ඉන්නම්...//)
නෙතු පියෙනා තුරුම ඔබෙම වෙන්නම්

හිත ඔබ විමසන්නේ ඇයි දැයි නෑ දන්නේ
ඔය නෙත් සිහි වෙන්නේ හැම මොහොතක් ගානේ
නෙතු පියෙනා තුරුම ඔබෙම වෙන්නම්

මියෙනා තුරා මගෙම වේවා....

අත් වාරුව වෙන්නේ එකටම දිවි ගමනේ
අද හෙට දින එන්නේ ඔබ කැන්දා යන්නේ
නෙතු පියෙනා තුරුම ඔබෙම වෙන්නම්

මියෙනා තුරා මගෙම වේවා....
(ඔබ ළඟින් මා සසරේ ඉන්නම්...//)
නෙතු පියෙනා තුරුම ඔබෙම වෙන්නම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.