මියැදුනි මාmiyaedhuni maa

Miyaduni Ma

Music:
හෂාන් තිළිණhashaan thilina
Lyrics:
ප්‍රසන්න කුමාර ධම්මලගේprasanna kumaara dhhammalagee

Lyrics

වෙන්ව දුර ඈත යන්න හිතුවාට මා දමා පාළුවේ 
ඉන්නෙ හිත ගාව සිහිව හැමදාම ඔබමයි මේ ලොවේ 

(මියැදුනි මා මනසින් ඔබ ගිය දා රහසින් 
පේන පුරා පෙම් කෙරුවා මා සත්තකින් මේ තරම්...//)

හැර යන්න ඕනේ නම් රිදවන්න ඕනේ නම් 
පෙම් කෙරුවෙ ඒ වාගේ ඇයි සතුට වී මාගේ 
ඔබ ගාව ඉන්නයි හිතුවේ මුළු ජීවිතේ 
යලි නෑ ආයේ ඔය ඇස් දෑස මානේ

(මියැදුනි මා මනසින් ඔබ ගිය දා රහසින් 
පේන පුරා පෙම් කෙරුවා මා සත්තකින් මේ තරම්...//)

මගෙ හුස්ම ඔබ කී දැන් වෙන තැනක සතුටින් නම් 
සුභ පතමි හැම කාලේ නෑ වෛර මා කෙරුවේ 
ඔබ ගාව ඉන්නයි හිතුවේ මුළු ජීවිතේ 
යලි නෑ ආයේ ඔය ඇස් දෑස මානේ

මියැදුනි මා මනසින් ඔබ ගිය දා රහසින් 
පේන පුරා පෙම් කෙරුවා මා සත්තකින් මේ තරම්
මියැදුනි මා මනසින් ඔබ ගිය දා රහසින් 
නිවුන පුරා පෙම් කෙරුවා මා සත්තකින් මේ තරම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.