මියදෙන්නම්miyadhennam

Miyadennam

Music:
දුලිප් මිරැන්ඩෝdhulip miraendoo
Lyrics:
සත්සර කසුන් පතිරණsathsara kasun pathirana

Lyrics

පෙරදා සිත මාගේ හඬවා වෙන් වී ඔබ අයෙ නොඑනා 
දැනුනේ ඔබ මාගේ අදරේ තනිකළා කියා
පැතුවා ඔබේ සතුට සැමදා නිදුකින් ඔබ ඉන්න කියලා
ලැබුනේ දුක් වේදනා මට ලං කළා ඔයා 
වේදනා මේ තරම් කාටවත් දෙන්නෙපා
මතු භවේ ලං වෙලා සැනසෙමු හමු වෙලා
දුන් අදරේ ඔයාම මාගෙන්ම වෙන් කලා........

(මියදෙන්නම් සදා ඔබේ අදරේ පතා
මගෙ ජීවිතේම අදරේ කලේ ඔයා.....//)

ඉන්නේ ඔබ මගෙම හිතලා ගියදා දුක මහදෙ තියලා
කිව්වේ ඇයි මගේම ආදරෙන් ලන් වෙලා ඔයා
මතුදා ඔබෙ වෙන්න පතලා වින්දේ දුක මා හද පුරවා
දන්නෙ දුක කවුද ආදරේ දුක ගෙනා ඔයා
වේදනා පාවෙලා යාවිදෝ කෙදින හෝ
මගෙම වී ලං වෙලා සැනසෙමු හමුවෙලා
මගේ හීනයේ පුරාම ආදරෙන්ම ලංවෙමු......

(මියදෙන්නම් සදා ඔබේ අදරේ පතා
මගෙ ජීවිතේම අදරේ කලේ ඔයා.....///)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.